iPhone X - Green Line Forming on Display-iphone

අයිෆෝන් X එකටත් වැඩ වරදින ලකුණු.

සැම්සුන් සමාගමේ Note 7එකට පසු නිකුත් කෙරුණු ප්‍රධාන පෙලේ ස්මාර්ට් ෆෝන් කිහිපයකම විවිධ දෝෂ හට ගැනීම දැන් සුලබ කරුණක් වෙලා. ඔන්න අලුතෙන්

නිකුත් වූ ඇපල් සමාගමේ අයිෆෝන් X වලත් විශ්වාසවන්ත දෝශයක් අන්තර්ජාලයේ වාර්ථාවෙනවා. මෙහිදී සිදුවන්නේ Display එකෙහි වම් හෝ දකුණු පසින් කොළ පැහැති ඉරක් පැමිණීමයි. මෙය සාමාන්යයෙන් ලැප්ටොප් පරිගණක Display වලදී පෙන්වනවාක් මෙන් අකණ්ඩව ස්මාර්ට්ෆෝන් එකේDisplay එක තුල පවතී. 😩 නැතිනම් ෆෝන් එක Start වෙන අවස්ථාවේ Black Background එකතුල දර්ශනය වේ.

Twitter සමාජ ජාල වෙබ් අඩවිය තුල මෙසේ සිදුවූ ස්මර්ට්ෆෝන් එකක tweetඑකක් පලකර තිබුනේ පහත අයුරින්. මෙයට ඇපල් සමාගමේ නිල ට්විටර්Page එක Retweet එකක් දමා තිබීමද විශේෂයි.
සමාන්යයෙන් මෙම තත්වය අයිෆෝන් දුසිම් 2කට එකක් වශයෙන් ඇති බවCnet තාක්ෂණික වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒවගේම මෙයට ඇපල්Original වගකීම් සහතිකය ඇති අයට ෆෝන් එකට අලුත් ෆෝන් එකක් ලබාදීමද සිදුකරන බව ඇපල් සමාගම ප්‍රකාශ කරනවා.

මෙම දෝශය හටගත් අනෙකුත් ඇපල් අයිෆෝන් X ඡායාරූප කිහිපයක්.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
අලුතෙන් ඔබ මිලදී ගත් අයිෆෝන් එකෙත් මෙසේ සිදුවී ඇත්නම් @AppleSupport ට්විටර් Page එකට හෝ online chat වෙත පිවිසMsg එකක් දාලා සිදුවී ඇති දේ කියලා ෆෝන් එක replace කරගන්න අවශ්‍ය බව පවසන්න. අනතුරුව Dealer හරහා ඔබට ෆෝන් එක මාරු කරගන්න පුළුවන්. 😊 අලුතෙන් iPhone X එකක් ගන්න ඉන්න අයට අපට කියන්නට තිබෙන්නේOriginal Apple Warranty claim කරන තැනකින් ෆෝන් එක ගන්න කියලා.
තවත් අලුත්ම තොරතුරු සමග හමු වෙමු 
Similar Videos

0 comments:

Search